Ethnic group in Ceylon
Advertisements
Your Location for Quality Maritime Training542, Galle Road, Panadura. Sri Lanka.
Tel: 0094 11 4281556 Fax: 0094 38 2240132 – Hot line: 0094 71 490 1072
Email: academy@seamatelanka.com Web: www.seamatelanka.com
Seamate Lanka (Private) Ltd

Your Location for supply of Quality Sri Lankan Seafarers
542, Galle Road, Panadura. Sri Lanka.
Tel: 0094 11 4281556 Fax: 0094 38 2240132 – Hot line: 0094 71 490 1072
Email: info@seamatelanka.com Web: www.seamatelanka.com
|
තලාව රජ මහා විහාරය - මාරස්සන
මහනුවර දිස්ත‍්‍රික්කයේ මාරස්සන ගමේ අප්පල්ලාගොඩ යන ස්ථානයේ තලාව රජ මහා විහාරය පිහිටා ඇත. මෙම ස්ථානයට පිවිසීම සඳහා මහනුවර ශ‍්‍රී දන්ත‍්‍රෂ්ඨ ධාතු මන්දිරය අසලින් ගිණිකොණ දෙසට ගමන් කර අම්පිටිය තලාතු ඔය මහා මාර්ගයේ ගමන් කර තලාතු ඔය පසුකළ පසු හඟුරන්කෙත දෙසට ගමන් කර මාරස්සනට ළඟා විය යුතු වේ. විහාරය වටා රමණීය කඳු වළලූ රැසක් දක්නට ඇත.
ක‍්‍රි. වර්ෂ ( 1747 - 1780 ) අතර මහනුවර දි රාජප‍්‍රාප්ත සුපින්වත් ලංකාපුත‍්‍ර කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමාගේ අනුග‍්‍රහයෙන් මෙම විහාරය ඉදිකර ඇත. මෙහි විහාර කර්මාන්ත ඉදිකර ඇත්තේ ගලගොඩ දිසාව නම් ප‍්‍රභූවරයෙකි. විහාරයේ පැවැත්ම සහ දන්වැට උදෙසා කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා 65 අමුනක් ගොඩ මඩ ඉඩකඩම් පූජා කොට ඇත. විහාර බිතු සිතුවම් රැසක් දක්නට ඇත.
විහාර බිත්ති මත විදේශීය සොල්දාදුවන් රූප සටහන් දන්කට ඇත. එකල ලන්දේසී බලපෑම මෙම විහාරයට එල්ල වී තිබූ බව මෙයින් සනාථ කෙරේ. වරෙක ලන්දේසිහී මෙම විහාරය කඳවුරක් ලෙස භාවිතා කර ඇත. |








